බ්‍රිතාන්‍යයේ රැකියා අනාගතය තීරණය කරන නව AI මෙහෙයුම් ඒකකය

බ්‍රිතාන්‍ය රජය AI තාක්ෂණය නිසා රැකියා වෙළඳපොළට වන බලපෑම පාලනය කරන්න "Future of Work Unit" නමින් නව ඒකකයක් අරඹයි.

AI and Future of Work Unit in UK Government

බ්‍රිතාන්‍යයේ රැකියා අනාගතය තීරණය කරන නව AI මෙහෙයුම් ඒකකය

බ්‍රිතාන්‍යයේ රැකියා වෙළඳපොළ තාක්ෂණයත් එක්ක කොයි පැත්තට යයිද? මේ ප්‍රශ්නයට උත්තර හොයන්න බ්‍රිතාන්‍ය රජය අලුත් පියවරක් අරගෙන තිබෙනවා. විද්‍යා, නවෝත්පාදන සහ තාක්ෂණ දෙපාර්තමේන්තුව (DSIT) විසින් නිල වශයෙන් "AI and Future of Work Unit" එහෙම නැත්නම් කෘත්‍රීම බුද්ධිය සහ රැකියා අනාගතය පිළිබඳ විශේෂ ඒකකයක් පිහිටුවලා තියෙනවා.

මෙතෙක් කල් රජය AI දෙස බලාගෙන හිටියේ නිකම්ම නිරීක්ෂකයෙක් විදිහට වුණාට, මේ අලුත් ඒකකය හරහා මැදිහත්කරුවෙක් විදිහට කටයුතු කරන්න රජය තීරණය කරලා තියෙනවා.

නිකම්ම බලා සිටීමෙන් ඔබ්බට

පහුගිය කාලේ බ්‍රිතාන්‍යය AI ගැන කතා කළේ මූලිකවම කාරණා දෙකක් ගැන විතරයි. ඒ තමයි ආරක්ෂාව (Safety) සහ ආයෝජන (Investment). හැබැයි මේ අලුත් ඒකකයත් එක්ක අවධානය යොමුවෙලා තියෙන්නේ "Labour Market Resilience" නැත්නම් රැකියා වෙළඳපොළේ ඔරොත්තු දීමේ හැකියාව ගැනයි.

  • පරණ ක්‍රමය: මීට කලින් රැකියා ගැන තීරණ ගත්තේ විවිධ දෙපාර්තමේන්තු හරහා විසිරිලා ගිහින්. ගොඩක් වෙලාවට විශ්ලේෂණ කළේ රැකියා අහිමි වුණාට පස්සේ.
  • නව ක්‍රමය: අලුත් ඒකකය මගින් "Real-time" එහෙම නැත්නම් ඒ වෙලාවෙම දත්ත අරගෙන, පරිපාලන (Administrative), සෞඛ්‍ය සහ මූල්‍ය වගේ ක්ෂේත්‍රවලට වෙන්න පුළුවන් බලපෑම කලින්ම හඳුනාගන්නවා. ඒ හරහා රැකියා අර්බුදයක් එන්න කලින් අවශ්‍ය පුහුණුවීම් ලබා දෙන්න සැලසුම් කරනවා.

මේ ඒකකය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

මෙය බුද්ධි තොරතුරු මධ්‍යස්ථානයක් (Intelligence Hub) විදිහට DSIT තාක්ෂණික දැනුම සහ රැකියා හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව (DWP) අතර මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියා කරනවා.

  1. දත්ත එක්රැස් කිරීම: කර්මාන්ත හරහා AI භාවිතය ගැන දත්ත එකතු කිරීම.
  2. අවදානම් කළමනාකරණය: ඉදිරි මාස 12-24 ඇතුළත ස්වයංක්‍රීය වෙන්න (Automate වෙන්න) ඉඩ තියෙන රැකියා හඳුනාගැනීම.
  3. ප්‍රතිපත්ති තීරණ: මෙසේ ලබාගන්නා දත්ත මත පදනම්ව "Shortage Occupation List" එක යාවත්කාලීන කරන්න හෝ අදාළ ක්ෂේත්‍රවලට විශේෂ ප්‍රතිපාදන (Funding) වෙන් කරන්න පියවර ගැනීම.

වෘත්තිකයන්ට මෙය බලපාන්නේ කොහොමද?

විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ සිටින IT, Finance සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල Skilled Workers ලාට මෙය ඉතා වැදගත්. රජය දැන් පිළිගන්නවා "White-collar" රැකියා වලටත් AI හරහා ලොකු බලපෑමක් වෙන්න පුළුවන් කියලා.

මේ ක්‍රමය හරියටම ක්‍රියාත්මක වුණොත්, රැකියා වෙළඳපොළට අවශ්‍ය කුසලතා (Skills) වේගයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඔබේ දැනුම එක තැනක තියෙනවා නම් ("Static" expertise), එය තවදුරටත් ආරක්ෂිත නැහැ. දැන් ඉල්ලුම තියෙන්නේ AI මෙවලම් පාලනය කරන්න පුළුවන් අයටයි. විශේෂයෙන්ම Visa මත රැඳී සිටින අයට තමන්ගේ රැකියාව "Critical Skills" ලැයිස්තුවේ තියාගන්න නම්, නිතරම අලුත් දේවල් ඉගෙන ගන්න (Upskilling) සිද්ධ වෙනවා.

වාසි සහ අවාසි

මේ වැඩපිළිවෙල ගැන විවිධ මත පවතිනවා.

  • වාසි: හිටි හැටියේ රැකියා නැතිවෙලා කුසලතා යල් පැන ගිය පරම්පරාවක් ("Lost generation") බිහිවීම වළක්වා ගන්න පුළුවන් වීම සහ රැකියා වෙළඳපොළ ගැන ව්‍යාපාරවලට කලින්ම අදහසක් ලබා දීම.
  • අවාසි: රජයේ ක්‍රියාමාර්ග තාක්ෂණය තරම් වේගවත් නොවීම (Lag Risk). රජය ප්‍රතිපත්තියක් හදනකොට වෙළඳපොළ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම රැකියා ආරක්ෂා කරන්න ගිහින් බ්‍රිතාන්‍ය ව්‍යාපාරවලට ගෝලීය තරගකාරීත්වයට මුහුණ දෙන්න බැරි වෙයිද කියන බියත් තියෙනවා. සේවකයින්ගේ දත්ත එක්රැස් කිරීම ගැනත් (Data Privacy) යම් ගැටළු මතු වෙලා තියෙනවා.

ලෝකය පුරාම දැන් AI ගැන තියෙන "Hype" එක පහු කරලා, ඒක ව්‍යුහාත්මකව කළමනාකරණය කරන තැනකට (Structural Adjustment) ඇවිත් තියෙනවා. කෙසේ වෙතත්, මේ නව ඒකකයට නීති පනවන්න බලයක් තියෙනවද, නැත්නම් උපදෙස් දෙන්න විතරද කියන එකත්, පුහුණු කිරීම්වලට වෙන් කරන අයවැය කීයද කියන එකත් තාම රජය පැහැදිලි කරලා නැහැ.


මූලාශ්‍රය (Source): https://www.civilserviceworld.com/professions/article/new-crossgovernment-ai-and-future-of-work-unit-launched