UK Home Office එකේ 'Earned Settlement' Consultation එක තවමත් ක්‍රියාත්මකයි
UK ස්ථිර පදිංචිය (Settlement) ලබාගැනීමේ කාලය වසර 5 සිට 10 දක්වා දීර්ඝ වීමේ අවදානමක්. Earned Settlement යෝජනාව ගැන ශ්‍රී ලාංකිකයින් දැනගත යුතු දේ මෙන්න.
එක්සත් රාජධානියේ ස්ථිර පදිංචිය (Permanent Residency) ලබාගන්නා ආකාරය වසර 50කට පසු ලොකුම වෙනසට ලක්වෙමින් තියෙනවා. ලංකාවේ Professionalsලා දහස් ගණනකට, කලින් තිබුණු වසර පහේ Indefinite Leave to Remain (ILR) බලාපොරොත්තුව දැන් දශකයක පමණ දිගු 'මැරතන්' එකක් බවට පත්වෙන්න පුළුවන්.
කාලය වෙනුවට 'දායකත්වය' (Tribute) මුල් කරගත් වෙනසක්
දශක ගණනාවක් තිස්සේ UK වල පදිංචි වෙන්න තිබුණු ක්‍රමය සරලයි: අවුරුදු පහක් නීත්‍යානුකූලව ජීවත් වෙන්න, කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න එපා, එතකොට වැඩේ ගොඩ. හැබැයි මේ "Automatic" ක්‍රමය දැන් වෙනස් වෙන්නයි යන්නේ. Home Office එකේ අලුත් "Earned Settlement" මොඩල් එකෙන් යෝජනා කරන්නේ බොහෝ සංක්‍රමණිකයන්ට වසර 10ක අවම කාලයක් අවශ්‍ය බවයි. මෙතැනදී ස්ථිර පදිංචිය ලැබෙන්නේ නිකම්ම කාලය ගත කළාට නෙවෙයි, ඔබ රටේ ආර්ථිකයට සහ සමාජයට දක්වන දායකත්වය මත ලැබෙන "තෑග්ගක්" විදිහටයි.
ලන්ඩනයේ ඉන්න Tech leadsලාගේ ඉඳන් මිඩ්ලන්ඩ්ස් වල ඉන්න ඉංජිනේරුවන් දක්වා ලාංකික වෘත්තිකයෝ මේ ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. මේ යෝජනා සම්මත වුණොත්, සාමාන්‍ය Skilled Worker වීසා එකකින් ILR ගන්න ගතවන කාලය දෙගුණ වෙනවා. ඒ කියන්නේ වැඩි වාර ගණනක් වීසා Renew කරන්න වෙනවා, වියදම් අධික වෙනවා, වගේම "Temporary" කියන ලේබලය එක්ක ගොඩක් කාලයක් ඉන්න වෙනවා.
කාටද 'Fast Lane' එක ලැබෙන්නේ?
ඔයා ඉහළ වැටුපක් ලබන කෙනෙක් නම් මේක නරක ආරංචියක්ම නෙවෙයි. රජය උත්සාහ කරන්නේ වේගයන් කිහිපයකින් යුත් ආගමන විගමන පද්ධතියක් (Multi-speed immigration system) හදන්නයි. ඔයාගේ Taxable income එක වසරකට £125,140 ක් හෝ ඊට වැඩි නම්, ඔයාට වසර තුනකින් ILR එක "දිනාගන්න" (Earn) පුළුවන්. මේකෙන් ඉහළ ධනයක් උයන Professionalsලාට Global Talent වීසා හිමියන් හා සමාන අවස්ථාවක් ලැබෙනවා.
£50,270 ට වඩා වැඩි වැටුපක් ලබන අයට වසර පහක ක්‍රමය එලෙසම පවත්වා ගැනීමට යෝජනා කර තියෙනවා. මේ හරහා මධ්‍යම සහ ඉහළ මට්ටමේ ආදායම් ලබන්නන්ට දැනට තියෙන තත්ත්වයම රැක දෙන අතර, අනෙක් සියලු දෙනා වසර 10ක නව ක්‍රමයට යොමු කරනවා. මේකෙන් ලැබෙන පණිවිඩය පැහැදිලියි: UK රජය ප්‍රමුඛතාව දෙන්නේ එරට බදු පද්ධතියට වැඩිම දායකත්වයක් දෙන අයටයි.
'Public Service' එකට ලැබෙන සහනය
ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට සහ ගුරුවරුන්ට මෙහිදී යම් සුබදායී පැත්තක් තියෙනවා. "Public Service" සහනයක් ගැනත් Home Office එක සාකච්ඡා කරනවා. වෛද්‍යවරුන්, හෙදියන් සහ උපාධි මට්ටමේ (Graduate level) ගුරුවරුන් වැනි නිශ්චිත වෘත්තීන්වල ඉන්න අයට තවමත් වසර පහකින් පදිංචිය ලබාගන්න අවස්ථාව තියෙන්න පුළුවන්.
මේ හරහා NHS එකට සහ පාසල් පද්ධතියට ලැබෙන සේවය අගය කෙරෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා: අදාළ රැකියාව RQF Level 6 (Degree level) හෝ ඊට ඉහළ මට්ටමක තිබිය යුතුයි. ඊට වඩා අඩු සුදුසුකම් අවශ්‍ය වන සහායක සේවාවන් (Support roles) වලට මේ සහනය නොලැබෙන්න ඉඩ තියෙනවා.
සමහරුන්ට වසර 15ක සැබෑ තත්ත්වය
මේ Consultation එකේ තියෙන වඩාත්ම ආන්දෝලනාත්මක කොටස තමයි "Medium-skilled" රැකියාවල නිරත අයට යෝජනා කර ඇති වසර 15ක කාලසීමාව. මෙය ප්‍රධාන වශයෙන් බලපාන්නේ Health and Care ක්ෂේත්‍රයේ උපාධි මට්ටමට වඩා අඩු මට්ටම්වල සේවය කරන අයටයි. වසර පහකින් ස්ථිර පදිංචිය බලාපොරොත්තුවෙන් UK ආපු ගොඩක් අයට මේක හරියට "ගෝල් පෝස්ට් එක එහාට කරා වගේ" වැඩක්.
රජය කියන්නේ ස්ථිර පදිංචිය දෙන එක පාලනය කිරීමෙන් දිගුකාලීන සංක්‍රමණික සංඛ්‍යාව පාලනය කරන්න පුළුවන් බවයි. හැබැයි මෙයින් පීඩාවට පත්වන පුද්ගලයන්ට දශක එකහමාරක් යනකල් රජයේ පොදු ප්‍රතිලාභ (Public funds) ලබාගැනීමට බාධා ඇති වෙනවා වගේම වීසා නීතිවලට යටත්ව ඉන්නත් සිද්ධ වෙනවා.
දැඩි වන නීති රීති
මේක කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි; ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය සුදුසුකම් මට්ටම (Standards) ඉහළ දමා තිබෙනවා. ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාව B1 මට්ටමේ සිට B2 level (Upper Intermediate) දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තියෙනවා. ඒ වගේම ඔයාගේ Record එක ඉතාම පිරිසිදු වෙන්න ඕනේ—කිසිම අපරාධ චෝදනාවක් නැති වෙන්න ඕනේ වගේම NHS එකට හෝ බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු කිසිම ණයක් (Debt) තියෙන්නත් බැහැ.
"ස්ථිර පදිංචිය (Settlement) කියන්නේ අයිතිවාසිකමක් නෙවෙයි, ඒක වරප්‍රසාදයක්," යන්න දැන් Home Office එකේ ප්‍රධාන මන්ත්‍රය වෙලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඔබ ස්ථිර පදිංචිකරුවෙකු වන විට රටට සම්පූර්ණයෙන්ම අනුගත වූ, මූල්‍යමය වශයෙන් ස්වාධීන සහ රටට සේවයක් කළ අයෙකු බව තහවුරු කරගන්නයි.
ඉදිරි පියවර මොනවාද?
මේ ගැන අදහස් දැක්වීමේ අවස්ථාව (Consultation) 2026 පෙබරවාරි 12 දක්වා විවෘතයි. නීතිඥයන්, වෘත්තීය සමිති සහ සංක්‍රමණිකයන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මේ දවස්වල තමන්ගේ අදහස් ඉදිරිපත් කරමින් ඉන්නවා. දැනටමත් UK වල ඉන්න, වසර පහක සැලසුමේ ඉන්න අය ගැන මොන වගේ පියවරක් (Transitional arrangements) ගත යුතුද කියලත් Home Office එක විමසනවා.
මේ යෝජනා ඒ විදිහටම සම්මත වුණොත්, 2026 අප්‍රේල් වගේ වෙනකොට අලුත් Immigration Rules ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ලංකාවේ වෘත්තිකයන් විදිහට ඔයාලා කරන්න ඕනේ මේ ගැන නිරන්තරයෙන් දැනුවත් වෙන එකයි. ඔයාගේ පඩිය සහ රැකියාව අනුව ඔයාගේ "අවුරුදු පහේ ප්ලෑන් එක" ලොකු වෙනසකට ලක් කරන්න සිද්ධ වෙයි.