UK වල PR (ILR) ගන්න දැන් අවුරුදු 10ක් ඉන්න වෙයිද? මෙන්න රජයේ අලුත්ම යෝජනාව
බ්‍රිතාන්‍යයේ PR හෙවත් ILR බලාපොරොත්තුවෙන් ඉන්න අයට රජයෙන් අලුත් තීරණයක්!
බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය (ILR) සඳහා වන අවම කාලය අවුරුදු 10 දක්වා දීර්ඝ කරන්න රජයෙන් යෝජනාවක්
බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය හෙවත් 'Indefinite Leave to Remain' (ILR) බලපත්‍රය ගන්න බලන් ඉන්න අයට පොඩි 'shocker' එකක් වගේ ආරංචියක් තමයි මේක. මෙතෙක් කල් තිබුණ අවුරුදු 5ක අවම කාලසීමාව අවුරුදු 10 දක්වා වැඩි කරන්න බ්‍රිතාන්‍ය රජය දැන් සූදානම් වෙනවා. මේ වැඩේ වෙන්නේ 'A Fairer Pathway to Settlement' (පදිංචිය සඳහා වඩාත් සාධාරණ මාවතක්) කියන අලුත් policy framework එක යටතේයි.
මේක බ්‍රිතාන්‍යයේ immigration system එකේ සිද්ධ වෙන ලොකුම වෙනසක් විදිහට තමයි සැලකෙන්නේ. ඒ වගේම මේක එහේ පදිංචි වෙන්න ප්ලෑන් කරන අපේ වෘත්තිකයින්ටත් සෘජුවම බලපානවා.
මොකක්ද මේ අලුත් යෝජනාව?
දැනට තියෙන නීති අනුව නම්, 'Skilled Worker' වීසා එකක් මත බ්‍රිතාන්‍යයේ අවුරුදු 5ක් වැඩ කළාම ILR එකට apply කරන්න පුළුවන්. හැබැයි අලුත් යෝජනාවෙන් කියන්නේ මේ මූලික කාලසීමාව (Baseline) අවුරුදු 10ක් කරන්න ඕනේ කියලයි.
බ්‍රිතාන්‍ය රජය මේකෙන් බලාපොරොත්තු වෙන්නේ "Merit-based settlement model" එකක් හදන්න. සරලවම කිව්වොත්, ඔයා බ්‍රිතාන්‍යයේ economy එකට දෙන දායකත්වය සහ ඔයාගේ දක්ෂතාවය ගැන මීට වඩා ලොකුවට සලකලා බලලා තමයි PR දෙන්නේ.
ඉක්මනින් PR (ILR) ගන්න පුළුවන් අයට සහනයක්!
සම්මත කාලය අවුරුදු 10ක් වුණත්, සමහර විශේෂ අයට තාමත් අවුරුදු 5න් ILR ගන්න පුළුවන් 'Accelerated pathways' හඳුන්වා දෙන්නත් රජය ලෑස්තියි. ඒ අය කවුද කියලා බලමු:
- ඉහළ ආදායම් ලබන්නන් (High Earners): ඔයාගේ වාර්ෂික වැටුප පවුම් 50,270 කට වඩා වැඩිනම්, ඔයාට තාමත් අවුරුදු 5න් PR සඳහා අයදුම් කරන්න පුළුවන්.
- NHS සේවකයින්: බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) වැඩ කරන දොස්තරලා, නර්ස්ලා ඇතුළු අනිත් health professionals ලටත් මේ අවුරුදු 5 සහනය දිගටම ලැබෙනවා.
වෘත්තිකයින්ට මේක බලපාන්නේ කොහොමද?
මේ යෝජනාව සම්මත වුණොත්, middle-level salary ගන්න professional සෙට් එකට ILR එක ගන්න තව අවුරුදු 5ක් අමතරව ඉන්න වෙනවා. ලංකාවෙන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වෙන්න ඉන්න අයට මේක තමන්ගේ career decisions ගන්නකොට ගොඩක් වැදගත් වෙයි.
බ්‍රිතාන්‍ය රජය කියන්නේ මේකෙන් බලන්නේ රට තුළ දිගුකාලීනව ඉන්න අය බ්‍රිතාන්‍ය සමාජයට සහ ආර්ථිකයට දක්වන සැබෑ කැපවීම (commitment) ඇගයීමට ලක් කරන්න කියලයි. හැබැයි මේක තාම යෝජනාවක් විතරයි; මේ Consultation එකෙන් පස්සේ ලැබෙන feedbacks අනුව තමයි අවසන් තීරණය ගන්නේ.